hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 19, ප.ව. 8:10



බස් ගාස්තු ගෙවීම සඳහා ඩිජිටල් ගෙවීම් පත්‍රිකාවක් හඳුන්වා දීමේ නියාමන ව්‍යාපෘතියක් අද (19) කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරුණේ ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

කෙසේවෙතත් මේ වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය පැවැත්වෙන අතරවාරයේ, බස් මගීන් පිරිසකගෙන් ඇමතිවරයාට හා ප්‍රවාහන අමාත්‍යංශයේ නිලධාරීන්ට දැඩි විරෝධතාවක් එල්ල වුණා.

ඒ මෙම උත්සවය සඳහා ඇමතිවරයා පැමිණෙන බව සඳහන් කරමින් බස් රථවල අසුන් ගෙන සිටි මගීන්, ඉන් නැගිටුවා බස් රථවලින් ඉවත් කළ බවට චෝදනා කරමින්.

සංදර්ශ නො පෙන්වා, අදාළ කටයුත්ත පමණක් සිදු කරන ලෙසත් මෙලෙස විරෝධතාවේ නිරත වූ පිරිස හඬ නැගූ අතර එහිදී පැමිණ සිටි නිලධාරීන් පවසා සිටියේ උත්සව අවස්ථාව පැවැතුණ ද බස් රථය නියමිත වේලාවට පිටත් කර යවන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: