2023 ඔක්‍තෝබර් 07, ප.ව. 1:59
 
            
ගනුදෙනුකරුවන්ට පරුෂ වචනයෙන් බැනවදිමින් අශෝභන ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල වූ අකුරැස්ස සමෘද්ධි බැංකුවේ කළමනාකාරිනිය සහ තවත් නිලධාරිනියකගේ වැඩතහනම් කිරීමට තීරණය කර තිබෙනවා.
අකුරැස්ස සමෘද්ධි බැංකුවේ තැන්පත් කර ඇති තම මුදල් ලබා ගැනීමට ගොස් සිටිය සමෘද්ධිලාභී කාන්තාවකට සමෘද්ධි බැංකුවේ කළමනාකාරිනියක් පරුෂ වචනයෙන් බැන වැදීමේ සිදුවීම සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධානයක් විසින් විමර්ශනය කර තිබෙනවා.
එම නිලධාරීන් පවසන්නේ අදාළ සමෘද්ධි බැංකුවේ කළමනාකාරිනිය සහ තවත් නිලධාරිනියකගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන ඇති අතර එම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විනය පරීක්ෂණයක් පැවැත්වෙන බව ප්‍රාදේශීය ලේකම්වරිය ඔවුන්ට ලිඛිතව දැනුම් දී ඇති බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විමසීම සඳහා අදාළ මානව හිමිකම් සංවිධානයේ නිලධාරීන් පිරිසක් සමාජ මාධ්‍යයන්හි හුවමාරු වන වීඩියෝවේ පෙනී සිටින සමෘද්ධි බැංකු නිලධාරිනිය හමු වීමට ගොස් තිබුණා.
වැඩතහනමකට ලක්ව සිටීම නිසා තමා ඉතා අසරණ වී ඇති අතර කුලී රැකියාවක් හෝ සොයා ගැනීමට නොහැකි තත්වයකට තමා පත්ව ඇති බව ඇය එම නිලධාරීන් හමුවේ පවසා තිබෙනවා.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06
25-10-25
 
                                            25-10-25
01-06-25
 
                                            01-06-25
10-11-24
 
                                            10-11-24
15-09-24
 
                                            15-09-24
06-09-24
 
                                            06-09-24
24-09-23
 
                                            24-09-23
30-08-23
 
                                            30-08-23
29-08-23
 
                                            29-08-23
26-06-23
 
                                            26-06-23
12-05-23
 
                                            12-05-23
20-03-23
 
                                            20-03-23
20-03-23
 
                                            20-03-23