hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 07, ප.ව. 5:19



ගනුදෙනුකරුවන්ට පරුෂ වචනයෙන් බැනවදිමින් අශෝභන ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල වූ අකුරැස්ස සමෘද්ධි බැංකුවේ කළමනාකාරිනිය සහ තවත් නිලධාරිනියකගේ වැඩතහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

අකුරැස්ස සමෘද්ධි බැංකුවේ තැන්පත් කර ඇති තම මුදල් ලබා ගැනීමට ගොස් සිටිය සමෘද්ධිලාභී කාන්තාවකට සමෘද්ධි බැංකුවේ කළමනාකාරිනියක් පරුෂ වචනයෙන් බැන වැදීමේ සිදුවීම සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධානයක් විසින් විමර්ශනය කර තිබෙනවා.

එම නිලධාරීන් පවසන්නේ අදාළ සමෘද්ධි බැංකුවේ කළමනාකාරිනිය සහ තවත් නිලධාරිනියකගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන ඇති අතර එම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විනය පරීක්ෂණයක් පැවැත්වෙන බව ප්‍රාදේශීය ලේකම්වරිය ඔවුන්ට ලිඛිතව දැනුම් දී ඇති බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමසීම සඳහා අදාළ මානව හිමිකම් සංවිධානයේ නිලධාරීන් පිරිසක් සමාජ මාධ්‍යයන්හි හුවමාරු වන වීඩියෝවේ පෙනී සිටින සමෘද්ධි බැංකු නිලධාරිනිය හමු වීමට ගොස් තිබුණා.

වැඩතහනමකට ලක්ව සිටීම නිසා තමා ඉතා අසරණ වී ඇති අතර කුලී රැකියාවක් හෝ සොයා ගැනීමට නොහැකි තත්වයකට තමා පත්ව ඇති බව ඇය එම නිලධාරීන් හමුවේ පවසා තිබෙනවා.

කොහොම වුණත් මේ ප්‍රශ්නය ඔඩුදුවලා ඉවරයි. ප්‍රශ්න කෝන්තර සියල්ල ඉවර වුණාට පස්සෙත් සමෘද්ධි නෝනා වෙනුවෙන් සාධාරණයක් කරන්න මානව හිමිකම් නිලධාරින් ගිහින් තිබුණා.

මේ ඒ වෙලාවේ ඇය කියපු කතාව,

‘මම වැඩ කරපු ආයතනය. මම ජීවත් වුණේ මේ පඩියෙන්. මාසෙට රුපියල් 44000ක් ගත්තා. මට වෙන කිසිම ආයතනයකට යන්න බෑ. යනව නම් ප්‍රාදේශීය ලේකම්තුමිය දැනුවත් කරන්න ඔිනි. යනව නම් ප්‍රාදේශීය ලේකම්තුමිය දැනුවත් වෙන්න ඔිනි. විදේස රටකවටත් යන්න බෑ. මට රස්සාව නෑ. මම අසරණ වෙලා ඉන්නේ, මගේ රස්සාව හදලා දෙන්න… කුලී රස්සාවක් හොයාගන්න විදිහක් නැතුව ඉන්නෙ…’ 

මීට කාලෙකට කලින් නම් මේ සිදුවීම එහෙම් පිටින්ම සමාජය නොදැනුවත් වෙන්න තිබුණා.

ඒ වුණත් අද තාක්ෂණයේ දියුණුව නිසාම සමෘද්ධි නෝනාට බොහෝම ඉක්මණින් සමාජ මාධ්‍ය තුළ සැරිසරන්න වරප්‍රසාද ලැබුණා.

සත්‍ය වශයෙන්ම ඈට පරුෂ වචන කියන්න හෝ මොහොතකට‌ කලින් ඒ ගැන හිතන්න තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: