hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 30, ප.ව. 1:41



රාජ්‍ය අංශයේ සේවකයින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අඩු කිරීමට අතුරු අයවැය යෝජනා කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඒ බව සඳහන් කළා.

රජයේ ප්‍රතිපත්තියක් ලෙස රජයේ කාර්යයන් සඳහා මින් මතු පොසිල ඉන්ධන පාදක කරගෙන ධාවනය කරන වාහන මිලදී ගැනීම අත්හිටුවන බව ජනපතිවරයා පැවසුවා.

මේ අනුව ඉදිරියේදී රාජ්‍ය සේවය සඳහා විදුලියෙන් ධාවනය වන වාහන මිලදි ගන්නා බවත් පෞද්ගලික අංශයටද මෙවැනි වාහන භාවිත කිරීමට උනන්දු කරන බව ඔහු සඳහන් කළා.

වසර පහක් සඳහා වැටුප් රහිත නිවාඩු ලබා ගෙන විදේශගත වීමට හෝ වෙනත් රැකියා කිරීමට අනුමැතිය දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: