hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 අගෝස්‍තු 30, ප.ව. 12:42



2022 අයවැය සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කිරීමට නියමිතයි.

එම අයවැය සංශෝධන පනත් කෙටුම්පතට අද පෙරවරුවේදී කැබිනට් අනුමැතිය හිමි වුණා.

සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ අද (30) පස්වරු 1.00ටයි.

2022 වසර සදහා වන අයවැය එවක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කර ගනු ලැබුවා.

රට තුළ උද්ගත වූ ආර්ථික අර්බුදයත් සමග කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින් අයවැය සංශෝධනය කිරීමටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව ආණ්ඩුව තීරණය කළේ.

ඒ අනුවයි විසර්ජන පනත් සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ.

සංශෝධනයට අනුව අමාත්‍යංශය සේවා වියදම රුපියල් බිලියන 3,275.8 දක්වා ඉහළ දමා ඇති අතර එය මේ වසර සදහා ඇස්තමේන්තු කළ මුදලට වඩා රුපියල් බිලියන 929.4ක වැඩි වීමක්.

රජයේ ණය සීමාව රුපියල් බිලියන 3200 සිට රුපියල් බිලියන 4082ක් දක්වා ඉහළ දමා තිබෙනවා. ඇස්තමේන්තුගත ණය සේවාකරණය නව වියදම රුපියල් බිලියන 2901ක්.

අයවැය සංශෝධනය යටතේ ජනාධිපති කොම්ෂන් සභා කාර්යාලය වැනි විශේෂ වියදම් ඒකක සහ අමාත්‍යාංශය සදහා වෙන් කළ මුදල් ද සංශෝධනය කර තිබෙනවා.

සංශෝධන පනත් කෙටුම්පතින් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශයටයි.

එය රුපියල් බිලියන 735යි.

මුදල් හා ආර්ථික ස්ථායිකරණ අමාත්‍යංශයට රුපියල් බිලියන 467ක් වෙන්කර ඇති මුදල ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 376ක්.

රුපියල් බිලියන 307ක් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයට වෙන්කර තිබෙනවා.

රුපියල් බිලියන 270ක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට වෙන්කර තිබෙනවා.සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 248ක්.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සඳහා රුපියල් බිලියන 200ක් වෙන් කර තිබෙනවා.

අතුරු අයවැය ඉදිරිපත් කිරීම සඳහා සියලු කටයුතු මේ වන විට පාර්ලිමේන්තුව තුල සූදානම් කර තිබෙනවා. එමෙන්ම පාර්ලිමේන්තුව අවට විශේෂිත ආරක්ෂිත වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවා තිබෙනවා.

එහි සජීවී විකාශය ඔබ වෙත ගෙන ඒමට ඒෂියන් මිරර් කණ්ඩායම සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

එම සජීවී විකාශය ඒෂියන් මිරර් යූ ටියුබ් නාලිකාව නාලිකාව ඔස්සේ බලාපොරොත්තුවන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: