hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 ජනවාරි 02, පෙ.ව. 11:45



මාර්තු මස 31 වනදා සිට අවම බස් ගාස්තුව රුපියල් 35 දක්වා වැඩිවීමට නියමිත බවට ආරංචි මාර්ග අනුව වාර්තා වනවා.

මේ අනුව, ඉන්ධන මිල සහ වාහන අමතර කොටස් මිල සමඟ සංසන්දනය කර එම ගාස්තු ඉහළ දැමීමේ ප්‍රතිශතාත්මක අගය තීරණය ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ වනවිට පවතින අවම බස් ගාස්තු වන්නේ රුපියල් 30ක්.

විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය තීරණය කළේ, ඊයේ (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමටයි .

ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 366ක් ලෙස සටහන් වනවා.

පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 38කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 464ක් ලෙසයි.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 358ක් වනවා.

සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 475ක් වන බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේ.

කෙසේ වෙතත් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 11කින් අඩු කිරීම ද විශේෂත්වයක්.

ඒ අනුව එහි නව මිල රුපියල් 236ක් වනු ඇති. එමෙන් ම ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සිය මිල ගණන් සංස්ථාවේ මිලට සමාන වන අයුරින් සංශෝධනය කළේ ය.

කෙසේ වෙතත් සිනෝපෙක් සමාගමෙහි ඉන්ධන මිල ගණන් සෙසු සමාගම්වලට සාපේක්ව රුපියල් තුනකින් අඩු වන බවයි පැවසෙන්නේ.

ඉන්ධන මිල වැඩි වීමත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නිවේදනය නිකුත් කළා.

එහි දක්වා තිබුණේ, මිල වැඩිවීම සිදුවී ඇත්තේ කිලෝමීටරයක් සඳහා පිරිවැය සියයට 2.01කින් පමණක් බවයි.

ගාස්තු ගාස්තු සංශෝධනය කිරීමට නම් එම පිරිවැය සියයට 4කට වඩා අධික විය යුතු බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, වසරේ ප්‍රථම මාස 09 තුළ ඩීසල් මිලෙහි සීඝ්‍ර වැඩිවීමක් සිදු වූවහොත් බස් ගාස්තු අතුරු සංශෝධනයක් සිදු කරන බවයි.

කෙසේ වෙතත් බස් ගාස්තු ප්‍රගතියට අනුව වාර්ෂික ගාස්තු සංශෝධනයක් ජුලි මස පළමුවැනිදා සිදු කළ යුතු වන බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: