hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 10, පෙ.ව. 12:03



පාසල් සිසුන් සඳහා නිකුත් කරනු ලබන මාසික වාර ප්‍රවේශ පත්‍රය ජනවාරි මාසයේ සිට කප්පාදු කිරීමට රජය කටයුතු කරමින් ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

මේ වන විට අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හේතුවෙන් පාසල් නිවාඩු ලබාදී ඇති බැවින් ජනවාරි මස වාර ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීමට පියවර ගෙන ඇති බව නිලධාරීන් විසින් ප්‍රකාශ කළද බොහෝ පාසල් තුළ මේ වන විටත් නිවාඩු කාලසීමාවේ අමතර පන්ති පැවැත්වීම සහ වෙනත් කටයුතු සිදුවෙමින් ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං සඳහන් කළා.

එවැනි තත්ත්වයක් යටතේ මෙලෙස වාර ප්‍රවේශපත්‍රය අත්හිටුවීමට කටයුතු කිරීම කිසිසේත් අනුමත තළ නොහැකි බවත් මින් පෙර කිසිඳු පාසල් නිවාඩු කාලසීමාවකදී වාර ප්‍රවේශපත්‍ර අත්හිටුවීමට කටයුතු නොකළ බවත් හෙතෙම පෙන්වා දුන්නා.

එබැවින් මේ සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බව පැවසූ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන්කළේ හොඳම දේ දරුවන්ට බව පවසමින් රජය විසින් දරුවන්ට හිමිවන මෙවැනි සුළු සහනයන් පවා කප්පාදු කිරීම රජය විසින් ගෙනයනු ලබන කප්පාදුවේ ආරම්භය පමණක් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: