hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 18, පෙ.ව. 12:04



ලංකා ගමනාගමන මණ්ඩලය විසින් “කොලොම්පුර චාරිකා” නමින් විශේෂ මගී බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා.

මෙම බස් රථ සඳහා විශේෂ පුහුණුවක් ලද රියදුරු මහතෙකු, කොන්දොස්තර මහතෙකු හා සේවා සපයන්නෙක් යොදාගැනීමට නියමිතයි.

මුල් අදියරේදී කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන සංචාරක වළලු හතරක් හඳුන්වාදී මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට නියමිතව ඇති බවයි වාර්තා වෙන්නේ.

නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත දිවයින පුරා සංචාරක කලාප මුල් කරගෙන බස් රථ සේවාව ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පාලන අධිකාරිය අපේක්ෂා කරනවා.

ලංකාව තුළ බහු ආගමික, බහු වාර්ගික ජනතාව ජීවත්වන බැවින් කොළඹ දිස්ත්‍රික්කයේ ඇති වැදගත් ආගමික ස්ථාන කිහිපයකුත් මෙම සංචාරක වළලු අතරට එක්කර ඒවායේ ඇති ඓතිහාසික දේ ගැන සංචාරකයින්ට දැකබලා ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම මෙම බස් රථ සේවාව විදේශ සංචාරකයින් ඉලක්ක කරගෙන ආරම්භ කරන්නක් බැවින් ඒ සඳහා ගමනාගමන මණ්ඩලය සතු විනීත, විනයගරුක රියදුරන් හා කොන්දොස්තරවරුන් යොදා ගැනීමට නියමිත බවද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පෙන්වා දෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: