hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 අගෝස්‍තු 20, පෙ.ව. 9:32



බස් මගීන්ගේ පහසුව සඳහා පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

දැනට සාමාන්‍ය පරිදි මුදල් ගෙවා බස් රථ මගින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම වෙනුවට පෙරගෙවුම් කාඩ්පතක් හරහා මුදල් ගෙවා මගීන්ට ගමන් කිරීමේ පහසුකම් ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වෙනවා.

මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් අධිවේගී මාර්ගයේ ගාල්ල දක්වා ගමන් කරන මගී ප්‍රවාහන බස්රථවල නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.

සාමාන්‍ය ඩෙබිට් කාඩ්පතක් ලෙස ම ක්‍රියා කරන මෙම කාඩ්පත පෙර ගෙවීම් ක්‍රමයට අවශ්‍ය මුදල් තැන්පත් කර එමගින් ගමනට අදාළ මුදල් ගෙවීමේ හැකියාව මගීන්ට හිමි වෙනවා.

ඉතා ආරක්ෂිත ගෙවීම් ක්‍රමයක් ලෙස දේශීය රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව හරහා දැනට මෙම කාඩ්පත ලබා ගැනීමේ හැකියාව පවතින අතර දැනට භාවිත කරන කාඩ්පත් සඳහා ද මෙම ගෙවීම් පහසුකම ලබා ගත හැකියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: