hit counter

2026 සැප්‍තැම්‍බර් මස 02 වන බදාදා

2025 නොවැම්‍බර් 19, පෙ.ව. 12:05



මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත මත පදනම්ව CAL Research ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, 2025 වසරේ ඔක්තෝබර් මාසයේදී BYD මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සැලකිය යුතු පහත වැටීමක් වාර්තා වේ.

ඔක්තෝබර් මාසයේ BYD මාදිලියේ රථ ලියාපදිංචි සංඛ්‍යාව 563 කි. පෙර මාසය වන සැප්තැම්බරයේදී ලියාපදිංචි කරන ලද රථ සංඛ්‍යාව 1,531 ක් වේ. මෙම සංඛ්‍යාවන් සැසඳීමේදී, ඔක්තෝබර් මාසයේ ලියාපදිංචි කිරීම් සියයට 63 කින් පහත වැටී ඇති අතර මෝටර් රථ ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු, එනම් අප්‍රේල් මාසයෙන් පසු වාර්තා වූ අඩුම BYD ලියාපදිංචි සංඛ්‍යාව සටහන් වන්නේ ඔක්තෝබර් මාසයේදීය.

මෙම සියලු ලියාපදිංචි කිරීම් අනුව, මෙතෙක් රට තුළ ලියාපදිංචි කර ඇති සමස්ත BYD මෝටර් රථ සංඛ්‍යාව 6,949ක් බවට පත් වී ඇත.

BYD මෝටර් රථ අතරින් ATTO මාදිලියට විශාල ඉල්ලුමක් පැවතියද, රේගුව හා සම්බන්ධ කරුණු හේතුවෙන් එම රථ නිදහස් කරවා ගැනීමේදී සිදුවන ප්‍රමාදයන් ඔක්තෝබර් මාසයේදී ලියාපදිංචි සංඛ්‍යාව අඩුවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව එම වාර්තා වේ.