hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 24, පෙ.ව. 8:39



ඉන්ධන මිල ඉහළ දැමීම සිදු කර ඇත්තේ කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එය ක්‍රියාත්මක වන්නේ අද (24) පෙ.ව.03.00 සිටයි.

ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිල සහ අනෙකුත් සාධක සලකා බලා ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල ඉහල දැමීම සිදුකර තිබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඉන්ධන ආනයනික වියදම්, ගොඩබෑමේ වියදම්, බෙදා හැරීමේ වියදම් සහ බදු මුදල් මිල සංශෝධනයට ඇතුලත් කර ඇති අතර මිල සංශෝධනය සඳහා ලාභාංශ ඇතුලත් කර නොමැති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඊයේ පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ අදාළ මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව සෑම දෙසතියකට වරක් හෝ මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතයි.

ස් ගාස්තුත් ඉහළට

මෙම ඉහළ දැමීමට අනුපාතිකව බස් රථ ගමනාගමනය ඇතුලුව අනෙකුත් අත්‍යවශ්‍ය සේවා වල මිල ගණන් වෙනස් කිරීම සඳහාද අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ පිළිබඳ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමට අනුව බස් රථ ගමනාගමනය ඇතුළුව අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවල මිල ගණන් වෙනස් කිරීම සදහා ද කැබිනට් අනුමැතිය හිමිවූ බවයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට බාධා නොවන ආකාරයෙන් ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීම සඳහා පියවර ගන්නා ලෙස අදාළ අංශ වෙතින් ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කරනවා.







ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: