hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 08, පෙ.ව. 9:17



චීනයෙන් ණය ගැනීමේ හැකියාව තිබිය දී රට බංකොලොත් බවට ප්‍රකාශ කිරීම කුමන්ත්‍රණයක් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, රටේ සිදුවූ මූල්‍ය බංකොලොත් භාවයට හේතුවූ කරුණු පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ප්‍රකාශයක් සිදුකරමින්.

2022 වසරේ චීනයෙන් අමෙරිකානු ඩොලර් 1.5ක ණය මුදලක් ලැබීමට නියමිතව තිබුණා.

එවන් පසුබිමක ණය නොගෙන ණය පැහැර හැරීමට කටයුතු කළ බවයි අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේ.

බොහෝ පිරිස් IMF හැර වෙනත් විකල්ප සැලසුමක් නොමැති බවට සිතු බව ද ඔහු පෙන්වා දුන්නා.

එම කාලයේ මෙරටට විදේශ ආදායම් ලෙස මිලියන 4,950ක් ලැබුණ බව සඳහන්.

කෙසේ වෙතත් IMF හරහා මෙරටට වසර හතරක දී ලබාගැනීමට බලාපොරොත්තු වන මුදල මිලියන 2,900ක්.

තමන් ධුරයේ සිටින කාලයේ දී ණය ගෙවීමට සහ අනෙකුත් දේවල් සඳහා මිලියන 4,950ක් විදේශ ණය ලෙස ලබා ගත් බවයි අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කළේ.

එම කාලයේ දී මහබැංකුවේ මිලියන 50ක් ඉතිරි වූ බව කියන ප්‍රකාශයන් සම්පූර්ණයෙන් අසත්‍ය බවත් මාර්තු මස අග වනවිට මිලියන 1,917ක් තිබූ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.