hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 09, පෙ.ව. 12:13



බැලූ බැලූ මානයේ කහවන් පලසක් ඇතිරූ ආකාරයෙන් පිපී දක්නට ලැබෙන බලල් පහුරු නම් පඬු පැහැ පුෂ්ප විශේෂය පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත මෙම දිනයන්හි පැමිණෙන සියලු දනන්ගේ ඇස් මෙන්ම සිත් පහන් කරන මනරම් දසුනක් බවට පත්ව තිබෙනවා.                                                                    

Dolichandra unguis – Cati නම් උද්භිද විද්‍යා නාමයෙන් හැඳින්වෙන මෙම බළල් පහුරු ශාකයේ මල් පල දැරීම සෑම වසරකම මාර්තු මස මැද භාගයේ සිදු වන අතර ඉන්පසු අප්‍රේල් මස මැද දක්වා විශාල වශයෙන් සිදු වෙනවා.                                                                                                        

පේරාදෙණිය විශ්ව විද්‍යාල භූමියේ මෙන්ම, පේරාදෙණිය  රාජකීය උද්භිද උද්යාන පරිශ්‍රයන්හිද විශාල වශයෙන් වර්ධනය වී ඇති මෙම ශාකයෙන් පිපෙනා මල් මුළුමනින්ම ඉතා දීප්තිමත් පඩුවන් පැහැයෙන් ප්‍රදේශයම වැසී යන සේ ඉතා අපූර්ව අලංකාර දසුනක් මවයි.                           

මෙම ඉතා අලංකාර  මල් පිපෙන ශාකය විශාල වැලක් ආකාරයෙන් පැතිරෙන අතර එම වැල් මීටර් 30 කටත් වඩා ඉහළට ගමන් කරමින් දස දෙස පැතිරේ. ඉන්පසු මල් වැල් ආකාරයෙන් පහතට එල්ලා වැටෙමින් මනස්කාන්ත දර්ශනයක් මවන මෙම බළල් පහුරු මල් යාය නැරඹීම සඳහාද විශාල පිරිසක් පේරාදෙණිය විශ්ව විද්‍යාල භූමිය කරා නීති පතා පැමිණෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: