hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 18, පෙ.ව. 12:02



මේ දිනවල විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල දේශන කටයුතු ඔන්ලයින් ක්‍රමවේදය හරහා සිදු කෙරෙයි.

ඒ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළා.

මෙම වර්ජනය හේතුවෙන් සියලු විභාග කටයුතු ඇණහිට ඇති බව එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවා.

ඒ අනුව සිසුන් 150,000කගේ පමණ උපාධිය අවසන් කිරීම ප්‍රමාද වී ඇති බව වාර්තා වෙනවා.

මේ අතර, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වර්ජනය සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති සුසිල් සෝමරත්න කියා සිටියේ මෙවැන්නක්.

“අද 16 වන දිනටත් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය ක්‍රියාත්මක වෙනවා. අපේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම මේ හරහා සිදුවීම අපිට ඇත්තටම කනගාටුදායකයි. ඒ නිසා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා වහාම මේ සඳහා අවශ්‍ය මැදිහත්වීම ලබාදෙමින් සරසවි සේවකයින්ගේ වෘත්තීය ගැටලුව විසඳන්න කටයුතු කරන්න කියලා. මෙය වසර 8ක් පුරා ක්‍රියාත්මක සටනක්. අපි කවදාහරි දවසක මේක ජයග්‍රාහීව අවසන් කරන්න පුළුවන් වුණ දවසට තමා නැවත සේවයට වාර්තා කරන්නේ.” යනුවෙන් ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: