hit counter

2024 සැප්‍තැම්‍බර් මස 16 වන සඳුදා

2024 අගෝස්‍තු 28, පෙ.ව. 12:04



2025 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් ප්‍රමාණය තවත් අඩු කර තිබෙනවා.

ඒ අනුව එරට රජය තීරණය කර ඇත්තේ ලබන වසරේ දී එරට විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් ගණන 270,000කට සීමා කිරීමට වේ.

ඔස්ට්‍රේලියාවේ නිවාස කුලී අගයන් විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර ඊට හේතු වී ඇත්තේ බලාපොරොත්තු නොවූ ආකාරයට විදෙස් සිසුන් එරට ට පැමිණීම වේ.

ඒ බව බලධාරීන් සඳහන් කළේ ය.

විශේෂයෙන් කොවිඩ් වසංගතය හේතුවෙන් සංක්‍රමණික ප්‍රජාවට විවිධ සහන දීමට එරට රජය කටයුතු කළේ ය.

ඒ එරට ව්‍යාපාර ක්ෂේත්‍රයට අවශ්‍ය පුහුණු ශ්‍රමය ලබාගැනීම සඳහා ය.

කෙසේ වෙතත්, එම සහන පසුගිය වසරේ සිට සීමා කළේ ය.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: