hit counter

2024 මැයි මස 15 වන බදාදා

2024 පෙබරවාරි 26, ප.ව. 10:09



ගැබ්ගෙල පිළිකාව මෙරට සීඝ්‍රයෙන් ව්‍යාප්තවන දෙවන සුලභ පිළිකාව බවට සමීක්ෂණයකින් හෙලිවී ඇත.

එය වසරකට වාර්තාවන රෝගීන් ගනණ 1407 ක් පමණ වන බව ගනණය කර ඇති අතර ගැබ්ගෙල පිළිකාව නිසා වසරකට දිවි අහිමවන පිරිස 780ක් පමන වන බවඩ සොයාගෙන ඇත.

මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ මෙම රෝග ව්‍යාප්තිය නොසලකා සිටියහොත් මෙරට තුළ 2070 වන විට මරණ 58,754 ක් හා 2120 වනව්ට මරණ 115,137 වන බව පුරෝකථනය කර තිබෙනවා.

ගැබ්ගෙල පිළිකා හදුනාගැනීමේ හා එය තුරන් කිරීමේ සමීක්ෂණයේ පළමු නියමු ව්‍යාපෘතිය කළුතර දිස්ත්‍රික්කය ඉලක්ක කර ගනිමින් සිදුකර ඇත.

මෙම සමීකශණය හරහා අනාවරණය වූ කරුණු පිළිබඳ සාකච්ජා කිරීම සඳහා මාතෲ හා ළමාරෝග පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්රමාලී ද සිල්වා, ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය රමණී පුංචිහේවා, සර්වාංග විශේෂඥ වෛද්‍ය ප්‍රජා උපදේශක හා සුවනාරී (Well Women)  වැඩසටහනේ ජාතික වැඩසටහන් කළමනාකරණ වෛද්‍ය ජේ පද්මකද සිල්වා සහ රොටරි සමාජයේ ගැබ්ගෙල පිළිකා තුරන් කිරීමේ ව්‍යාපෘතියේ සභාපතිනී නිර්මලී සමරතුංග, Roche Diagnostics India & Neighbor Markets  හි වෛද්‍ය විද්‍යාත්මක හා නියාමනය පිළිබඳ ප්‍රධානී වෛද්‍ය සංදීප් සෙව්ලිකාර්  යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ජාව පැවැත්විය.

එහිදී ගැබ්ගෙල පිළිකාව තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සාකච්ජාවට බදුන් කළ අතර එම සමීක්ෂණය සඳහා කලුතර දිස්ත්‍රික්කයේ  හා වයස අවුරුදු 35 හා 45 දක්වා වයසේ පසුවන කාන්තාවන් සහභාගී කර ගන්නා ලදී.එම සමීක්ෂණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්ක හා අරමුණු වලට අදාළව සෞඛ්‍ය කාර්‍යාංශය විසින් සිදුකර ඇත.         

කළුතර සිදුකරන ලද ව්‍යාපෘතියේ ප්‍රධාන හදුනාගැනීම්.

1/ සංසන්දනාත්මක විශ්ලේෂණයන් මගින් සොයා ගත් කරුණු අනුව අවුරුදු 35 සිට 45 දක්වා විවාහක කාන්තාවන් උදෙසා වඩාත් ඵලදායි හා සාර්ථකම සොයා ගැනීමේ හැකියාව සහිත පරීක්ෂණයන් වන්නේ Pap smear,  LBC  හා HPV DNA     වැනි පිළිකා කලින් හදුනා ගැනීමේ ක්‍රමවේදයන් බව තහවරු කර ගන්න ලදී. 

2/ සෙසු පර්යේෂණයන්ට වඩා HPV  හා DNA   කලින් හදුනාගැනීමේ ක්‍රමවේදය ගැබ් ගෙල Cervical Intraepithelial Neoplasia (CIN)  හදුනාගැනීමේ අනුපාතය ඉහළ මට්ටමක පවතින බව සොයා ගෙන ඇත.  

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත්තේ සෑම අවුරුදු 5 කට 10 කට වරක් නිරතුරුව මෙම හදුනාගැනීමෙ ප්‍රාථමික පර්යේෂණයන්ට ලක්කිරීම මඟින් ගැබ්ගෙල පිළිකාව තුරන් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවයි. එය  HPV- DNA පර්යේෂයණය මඟින් ඕනෑම කාන්තාවකට ගැබ්ගෙල පිළිකා මාරයාගෙන් ගැලවීමට මංපෙත් විවර වනු ඇති බවයි. රොටරි සමාජයේ මූලිකත්වයෙන් දීපව්‍යාප්තව සිදුකරන ගැබ්ගෙල පිළිකා කලින් හදුනා ගැනීමේ ප්‍රවේශයන්  පුළුල් කිරීමත් ඒ සඳහා පහසුකම් සැපයීමට මෙන්ම දනුම්වත් කිරීමේ වැඩසටහන් රට පුරා සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීමට රොටරි සමාජය දෑත් දුගුකර ඇති බව එහි සභාපතිනී නිර්මලී සමරතුංග මහත්මිය කියා සිටියාය.

වෛද්‍ය චිත්‍රමාලී මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ, “ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා සිදු කරන සුවනාරී (Well Women)   වැඩසටහන හරහා දැනුම්වත් කිරීමේ වැඩසටහන් රැසක් දීපව්‍යාප්තව සිදුකරන බවත්, ඒ හරහා ප්රජාවගේ දැනුම්වත් භාවය වර්ධනීය තලයකට ඔසවා තැබීමෙන් මෙරට ගැබ්ගෙල් පිළිකා පිළිබඳ දැනුම්වත් භාවය ඇති කිරීම මගින් එය තුරන් කිරීමට ඉවහල් විය හැකි සමාජ කතිකාවත්ක් ගොඩ නැංවීමට අවශ්‍ය පසුබිම සැකසෙන බවයි. එමෙන්ම HPV- DNA  පරීක්ෂාව මගින් වඩා නිවැරදිව හා සාර්ථකව පිළිකාව හඳුනාගැනීමට ඉඩ ප්‍රස්තාව විවරවණ බවයි.එය ලක් රජය ගෙන ඇති ඉදිරි පියවරක් ලෙස පෙන්වා දිය හැකි බවත් වැඩි දුරටත් පැවසුවා.

වෛද්‍ය පද්මක ද සිල්වා මහතා කියා සිටියේ එන්නත් කිරීම් හා රෝග නීර්ණය කිරීමේ මූලික පර්යේෂණ හරහා ගැබ්ගෙල පිළිකා තුරන් කිරීම සඳහා සැලකිවයුතු ප්‍රගතියක් අත්කර ගැනීම අපගේ අරමුණයි. පළාත් නවයම ආවරණය වන පරිදි මහජන සෞඛ්‍ය ඒකක 354 ක, සුවනාරී (Well Women)  මධ්‍යස්ථාන 1000 ක පුළුල් ජාලය හරහා ගැබ්ගෙල පිළිකා කලින් හදුනාගැනීම සැලකිව යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇත.

අවසාන වශයෙන් සංදීප් සෙව්ලිකාර් මහතා අවසාන වශයෙන් අදහස් දැක්වීමට එක්වෙමින් කියා සිටියේ මෙරට ගැබ්ගෙල පිළිකාව මර්ධනය කිරීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ සුබවාදී හා කෘතවේදී මනසකින් ඒ දෙස බැලිය හැකි බවත්, මෙම මාරාන්තික පිළිකාව තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙනයන උපායමාර්ගික සැලසුම් අගය කල යුතු බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලු සියලුම සෞඛ්‍ය අංශයට ස්තූතිවන්ත වනවා, මෙම වලකාගත හැකි පිළිකා තත්ත්වය ජය ගැනීමට එය ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති HPV පර්යේෂණය මගින් මෙරට කාන්තාවන් සවිබල ගන්වමින්, ගැබ්ගෙල පිළිකා මාරයා පරාද කරන්නට සමස්ත ජාතියටම අවස්ථාව උදාවනු ඇති බව ඔහුගේ  විශ්වාසයයි.