hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:07



2025 නොවැම්බර් 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල, බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමේ හැකියාව ලබාදීමට රජය තීරණය කර තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඒ බව සඳහන් කළේය.

“බස් ටිකට් එකෙන් මාටියා ගහනවා කියන එක හරි ප්‍රසිද්ධ කාරණයක්. ලංකාවේ බස් කර්මාන්තය කරන්න බැරි එක් ප්‍රධාන හේතුවක් ඒක. කිසිම ආදායමක් ගන්න බැහැ ව්‍යාපාරිකයාට. ඒ නිසා අපිට ලොකු ඉල්ලීමක් තිබුණා පෙ$ද්ගලික බස් හිමියන්ගේ සංගම්වලින්, කාඩ් පේමන්ට් සිස්ටම් එකක් හදන්න කියලා. ගොඩක් අය වෙනම වටේ ගිහිල්ලා තිබුණා වෙනම ට්‍රාන්ස්පෝට් කාඩ් හදන්න. කරදරකාර වැඩක් සහ ඒක පරණ වැඩක්. අපි ඒ නිසා බලාපොරොත්තු වෙනවා නොවැම්බර් 30 වන විට, ඩිජිටල් අමාත්‍යංශය සහතිකයක් දීලා තියෙනවා දැනට බස් ටිකට් මැෂින් තියෙන ඔනෑම බස් රථයකින්ම ඔනෑම මගියෙකුට තමන්ගේ තියෙන ඔනෑම බැංකුවක කාඩ් එකක් පාවිච්චි කරලා ටිකට් එකට මුදල් ගෙවන්න.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: