2025 ජනවාරි 16, පෙ.ව. 12:14
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩුකිරීමට මුදල් අමාත්‍යාංශ නිලධාරීහු ගෙන එනු ලැබූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාවට දන්වා ඇත්තේ ,සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියලක මුදලක් අඩුවන අතර, එමගින් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් පමණ අඩුවන බවයි.
පසුගිය 8 වැනිදා ,පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි මේ පිළිබඳ කරුණු සාකච්ඡා කර තිබෙන්නේ.
මේ අතර, 2002 අංක 24 දරන සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අංක 2415/66 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නිවේදනයක් ද මෙහිදී සලකා බැලීම සිදුකර තිබෙනවා.
ඒ අනුව, මෙම වසර අවසන්වනතෙක් අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ලබාදීමට නියමිත ප්‍රතිලාභ සඳහායි කාරක සභාවේ අනුමතිය හිමිව ඇත්තේ.
2026 ජූලි 03, ප.ව. 8:16
2026 ජූලි 03, ප.ව. 4:20
2026 ජූලි 03, ප.ව. 3:59
2026 ජූලි 03, ප.ව. 1:58
2026 ජූලි 03, පෙ.ව. 11:22
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26