hit counter

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2025 ජනවාරි 29, පෙ.ව. 9:16



ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) 8%ක මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට මහ බැංකුව තීරණය කර තිබෙන බව පවසමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ආර්ථික වර්ධනයට සහාය වෙමින් උද්ධමනය 5% ක මට්ටමක ස්ථාවර කිරීම අරමුණු ඇතිව බවයි පැවසෙන්නේ.

ඊයේ (28) පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය, මේ තීරණය දැනුම්දී ඇත.

2025 දෙවන භාගයේදී උද්ධමනය ඉලක්කගත මට්ටමට ගැලපීම ආරම්භ කිරීමට පෙර ඉදිරි මාස කිහිපය තුළ මෙම ප්‍රවණතාවය දිගටම පවතිනු ඇති බවයි මූලික අපේක්ෂාව වී ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: