hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2025 පෙබරවාරි 08, පෙ.ව. 12:04



හිටපු මැති ඇමතිවරුන් සිය නිවාස සඳහා ලබා ගත් වන්දියෙන් පුළුවන් එකා තමන්ට බෙදා ගත් ආකාරය පැහැදිලි වන ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසයි.

“ගිනි තිබ්බේ නැත්නම් වන්දි ගෙවන්න ඕන නෑ කියලා ප්‍රශ්නයක් අහනවාට වඩා කලබලකාරී කලහකාරී පිරිසක් ඒ සාමකාමී අරගලයට පහර දීමත් එක්ක තමයි, එදා ඒ තත්ත්වය නිර්මාණය වුණේ.

ඒ ඇති කරපු භීෂණයේ ප්‍රතිඵලයක් විදිහට තමයි, සමාජයේ විවිධ කොටස් භීෂණයට එරෙහිව ප්‍රතික්‍රියා දක්වන්න සිද්ධ වුණේ.

අවසානයේ එයින් හානි වෙච්චි දේවල් එක සීය කරලා මේ රටේ ජනතාවගේ මුදල් කොහොමද තමන්ගේ භුක්තියට අරගෙන තියෙන්නේ කියන එක ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ දී හෙළි වුණා. අපි ඊයේ දැක්කේ පුළුවන් එකා තමන්ට බෙදා ගත් විදිහ තමයි.”

මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: