hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 03, පෙ.ව. 12:04



ලෝකය පුරා රටවල සිටින බිලියනයකට අධික ජනතාව තරබාරුව හෙවත් අධික ස්ථූලතාවයෙන් පීඩා විඳින බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

ලොව පුරා මිලියන 220කට වැඩි පිරිසකගෙන් එක් රැස් කරගත් දත්ත මත එම සමීක්ෂණය සිදුකර ඇති අතර පසුගිය 1990 වසරේ සිට 2022 වසර දක්වා තරබාරු සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වී ඇති බවද සදහන් කරයි.

අධික තරබාරුකමින් පෙළෙන වයස අවුරුදු 05 සිට 19 දක්වා දරුවන්ගේ මෙන්ම යොවුන්වියේ පසුවනක්ගේ සංඛ්‍යාව සිව් ගුණයකින් වැඩි වී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

අධික තරබාරුකමින් පෙළෙන පුද්ගලයින් මීට පෙර ධනවත් රට වලින් වාර්තා වූ අතර එය මේ වනවිට අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලින් වාර්තා වී ඇති බවද එම සංවිධානය සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: