hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 මැයි 24, පෙ.ව. 9:37



අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න මහතා විශේෂ ආරක්‍ෂණ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් පත්කර ඇතැයි පොලිසස් මුලස්ථානය පවසනවා.

නියෝජ්‍ය පොලිස්පති තිලකරත්න මහතාගේ ඉල්ලීම මත ඔහුට මෙම ස්ථාන මාරූව ලබාදුන් බව පොලිස්පතිවරයා විසින් ඊයේ (23) නිකුත් කළ ස්ථාන මාරූ පිළිබඳ විශේෂ පොලිස් පණවිඩයේ සඳහන් කර ඇත්තේ.

ඔහු විසින් මෙම ඉල්ලීම කර ඇත්තේ මීට සති දෙකකට පෙරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස නුවරඑළිය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා පත් කර ඇතැයි පොලිස් මුලස්ථානය පවසනවා.

ප්‍රසාද් රණසිංහ මහතා මීට පෙරද රහස් පොලිසිය බාරව කටයුතු කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: