hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 02, පෙ.ව. 12:02



ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පුහුණුව අවසන් කළ ඇතැම් ගුරුවරුන් අමාත්‍යාංශය සමඟ පවතින ගිවිසුමෙන් ඉවත් වීමට ඉල්ලීම් කර තිබෙනවා.

කෙසේ වෙතත් එය කිසිසේත් අනුමත නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

එවැනි අනුමත කිරීම් වැරදි පූර්වාදර්ශයන් වන හෙයින් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තිරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් කියා සිටියේ,එලෙස අවස්ථාව දුනහොත් පුහුණු ගුරුවරුන් විශාල වශයෙන් පද්ධතියෙන් ඉවත් වීම නොවැළැක්විය හැකි වනු ඇති බවයි.

ඒ, අනුව දැනට පවතින නීතිය අනුව පුහුණු ගුරුවරුන් රජයේ පාසල්වල සේවය කළ යුතු බවට වන ගිවිසුමෙන් ඉවත් වන්නේ නම් අමාත්‍යාංශයට ගෙවිය යුතු වන්නේ රුපියල් තිස්පන් දහසක මුදලක් පමණි.

මෙම මුදල අනුමත කර ඇත්තේ 1985 විද්‍යාපීඨ පිහිටවූ දා පටන් එනම් වසර 33 ට පෙරය.

කෙසේ වෙතත් වර්තමානය වන විට එය ඉතාමත් අඩු මුදලක් වන හෙයින් පුහුණු ගුරුවරුවන් විදෙස් ගත වීම හෝ පෞද්ගලික පාසල්වලට සම්බන්ධ වීම වැනි පෞද්ගලික අවශ්‍යතා සඳහා ගිවිසුමෙන් ඉවත් වීමට යොමු වීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා.

ඒ, අනුව එම මුදල රුපියල් හත් ලක්ෂයක් දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය සාකච්ඡා වාර කිහිපයක් පැවැත්වූ නමුත් ඒ සඳහා නිශ්චිත තීරණයක් ගෙන නොමැත.

නමුත් ඒ පිළිබඳ ඉක්මන් තීරණයක් ගැනීමේ අවශ්‍යතාව අනිවාර්ය බව ද ඉහත කරුණු දැක්වූ නිලධාරියා සඳහන් කරනු ලැබුවා.

එමෙන්ම ඔහු වැඩි දුරටත් කියා සිටියේ, ගිවිසුමෙන් ඉවත් වීම සඳහා දැනට පවතින අඩු මුදල දඩමීමා කරගැනීමට ගුරුවරුන්ට කිසිසේත් ඉඩ නොදිය යුතු බවයි.     





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: