hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 12, පෙ.ව. 9:33



නාගරික ප්‍රදේශවල ගස් සිටුවීමේදී ප්‍රමිතියකින් යුත් පැළ යොදාගැනීම සඳහා වන ක්‍රමවේදයක් සකස් කරන ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

විශේෂයෙන් කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ විධිමත් අධ්‍යයනයකින් අනතුරුව ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

තදාසන්න ප්‍රදේශවල ගස් කඩා වැටීම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හා ඇති විය හැකි අනතුරු අවම කරගැනීම සම්බන්ධයෙන් කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබෙනවා.

එහිදි තදාසන්න ප්‍රදේශවල කඩා වැටීමේ අවදනාමක් පවතින ගස් හඳුනාගැනීමටත් ඒවා මඟින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අදාළ දීර්ඝ කාලීන විසඳුමක් සකස් කිරීමටත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදි උපදෙස් ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ අනුව සිංගප්පුරුව වැනි රටවල් මේ සඳහා යොදාගන්නා තාක්ෂණික ක්‍රමවේද පිළිබඳ අධ්‍යයනය කර ඊට අදාළ තාක්ෂණික සහාය උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය වැනි ආයතනවලින් ලබා ගැනීමටත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට උපදෙස් ලබා දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: