hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 21, ප.ව. 6:04



කොළඹ නගර සභාවට කොළඹ නගරය වැසි ජලයෙන් යට වීම වැළැක්වීම සඳහා ගත හැකි පියවර පිළිබඳ සැලසුමක් ඉදිරිපත් කරන ලෙස නිර්දේශ කර තිබෙනවා.

එම නියෝගය නිකුත් කර ඇත්තේ, පසුගියදා රැස් වූ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසිනි.

මේ දිනවල ඇදහැලෙන අධිවැසි තත්ත්වය හේතුවෙන් කොළඹ නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට ව තිබෙනු දක්නට ලැබිණි. ඒ හේතුවෙන් මහජනතාව ගේ දෛනික කටයුතුවලට ද දැඩි බලපෑමක් එල්ල වී ඇත.

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දී නගරවැසියන් මෙන්ම අග නගරයට දෛනික ව පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට මුහුණ දීමට සිදු වන එම ගැටලුව පිළිබඳ අවධානය යොමු විය.

එහි දී කොළඹ නගරය වැසි ජලයෙන් යට වීම වැළැක්වීම සඳහා ගත හැකි පියවර පිළිබඳ සැලසුමක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව කොළඹ නගර සභාවට නිර්දේශ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: