hit counter

2024 ඔක්‍තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 09, පෙ.ව. 12:04



ජනතාව වෙනුවෙන් සියලු පහසුකම් සහිත නව නගරයක් නිර්මාණය කිරීමට අවධානය යොමු වී තිබෙන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සදහන් කරයි.

ගංවතුර පාලනය කිරීම සඳහා අනවසර ඉදිකිරීම් සහ ඉඩම් ගොඩකිරීම් නැවැත්වීමට කැබිනට් ඇනුමැතිය ලබා ගැනීමටත් බලාපොරොත්තු වන බවද ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සදහන් කරයි.

කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක තවදුරටත් සදහන් කළේ,

” කැලණි ගඟ දෙපස සිටින ජනතාව වෙනුවෙන් නව නගරයක් නිර්මාණය කිරීමටද අවධානය යොමු වී තිබෙනවා. ඒ සඳහා රෝහල්, පාසල්, තට්ටු නිවාසවලින් සමන්විත සියලු පහසුකම් සහිත නගරයක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා.

IDH රෝහල, ලංගම ඩිපෝව වැනි රාජ්‍ය ආයතනත් මෙම ප්‍රදේශයේ තිබෙනවා. එම නිසා නව නගරය නිර්මාණය කිරීම පිළිබඳ මෙම ප්‍රදේශයේ ජනතාව සමඟ සාකච්ඡා කර ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.

මෙහිදී සියලු දෙනාගේ එකඟතාවය ඇතිව නිවැරදි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඉදිරි වසර දහයක කාලයක් ඇතුළත එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මෙවැනි ගංවතුර නැවත ඇතිවීම වැළැක්වීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් පිළිබඳව ද අධ්‍යනය කරමින් සිටිනවා. අනවසර ඉදිකිරීම්, ඉඩම් ගොඩ කිරීම් වැනි කරුණු මෙවැනි ගංවතුර තත්ත්වයන් ඇතිවීමට හේතු වී ඇති බව අනාවරණය වෙමින් තිබෙනවා.

එම නිසා ගංවතුර පාලනය කිරීම සඳහා අනවසර ඉදිකිරීම් සහ ඉඩම් ගොඩකිරීම් නැවැත්වීමට කැබිනට් ඇනුමැතිය ලබා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා.”

කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවගේ සුව දුක් සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මේ බව සදහන් කරයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: