hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 05, ප.ව. 5:25



දූෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමසීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් ඊයේ (04) පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) හමුවට කැඳවූවා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඉහළ නිලධාරින් කෝප් කමිටුව හමුවට පැමිණියා.

විගණකාධිපතිවරයා ඊයේ කෝප් කමිටු සාකච්ජාවට සහයෝගය දැක්වීමට සුදානම් නොමැති බව දැනුම් දෙනු ලැබුවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය කාරණා දෙකක් ඉටු කළ යුතු බවත් කියා සිටියා.

විගණකාධිපතිගේ වැඩ කටයුතු සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය බාධා කර ඇති බවත් ලේඛන ලබා දී නොමැති බවත් එහිදී අනාවරණය වුණා.