hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 05, පෙ.ව. 10:45



මෙරට සෞඛ්‍ය අංශයන් ගෙන් කොවිඩ් එන්නත් ලබා ගත් පිරිස වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ මෙම කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු කලක් ගත වී විවිධ රෝග වැළදෙන බවට සමාජය තුළ මතුව ඇති කථාබහ සම්බන්ධයෙන් වීම විශේෂත්වයක්.

මේ පිළිබඳව තම මතය ඉදිරිපත්කරමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ මෙවැනි අදහසක්.

කොවිඩ් එන්නත ලබා ගත් බොහෝ පිරිසක් අතර මතයක් තියෙනවා. කාලයක් ගත වෙලා විවිධ ආබාධ ඇතිවෙන කියලා.හැබැයි ඒ වගේ ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නෑ.විද්‍යාත්මකව තහවුරු කරන්න බෑ එය එහෙමයි කියලා. කෙසේ වෙතත් එන්නතකින් සිදු කෙරෙන්නේ වෛරසයකට, ආසාදනයකට හෝ රෝගයකට එරෙහිව සටන් කිරීම සඳහා ශරීරය සූදානම් කිරීමක්වන අතර එහි අඩංගු වන්නේ රෝගය ඇතිකරවන ජීවියාගේ අක්‍රිය හෝ දුර්වල කරන ලද කොටසක්. එසේත් නැතිනම් එම ජීවියා ශරීරගත වූ විට ඇතිකරවන බලපෑමට සමාන බලපෑමක් ඇතිකරවන ලෙස සැලසුම් කරන ලද, එකී ජීවියාගේ අනු පිටපතක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: