hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 26, ප.ව. 3:55



නව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්  පත් කර තිබෙනවා.

1989.08.01 දින සහකාර රේගු අධිකාරීවරයෙකු වශයෙන් රේගු දෙපාර්තමේන්තුවේ සේවයට එක් වී ඇති සීවලී අරුක්ගොඩ මහතා මේ වනවිට අවුරුදු 34 ක සේවා කාළයක් සපුරා තිබෙනවා.

රේගු නීතිය සහ ඒවායේ ක්‍රියාපටිපාටි පිළිබඳ හසළ දැනුමක් ඇති ඒ මහතා වර්තමානයේ රේගු මිළ පිරික්සුම් අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරමින් සිටිනවා.

ගලගෙදර මිණිගමුව මහා විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන සීවලී අරුක්ගොඩ මහතා එංගලන්තයේ බකිංහැම් විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ උපාධිය සහ ශ්‍රී ජයවර්ධනපුර සහ ඕස්ට්‍රේලියාවේ කැන්බරා විශ්ව විද්‍යාලයෙන් රේගු කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් ද හිමි කර ගෙන තිබෙනවා.

මේ වනවිට සීවලී අරුක්ගොඩ මහතා බෙල්ජියමේ ලෝක රේගු සංවිධානයේ වරළත් විශේෂඥ පුහුණුකරුවෙකු ලෙස ද සේවය කරමින් සිටිනවා.