hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2026 අගෝස්‍තු 20, ප.ව. 8:15



” ඩාර්ට් ග්ලෝබල්  ලොජිස්ටික් ” (Dart  Global Logistic ) සමාගම් ජාලය විසින් පස පසුගියදා විවෘත කෙරිණි.

ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක්  මෙම ගබඩා සංකීර්ණය ඉදි කිරීම සදහා ආයෝජනය කර ඇති අතර වර්ග මීටර් 150,000 ක වපසරියකින් යුතු මෙහි භාණ්ඩ පැටවීමේ ස්ථාන 24 කින් සමන්විත වන අතර , මෙම ගබඩා සංකීර්ණය තුළ භාණ්ඩ පැලට් 23,000 ගබඩා කිරීමේ පහසුකම් ද තිබේ.

ඉන්දියාව , මැලේසියාව , බංගලදේශය වැනි රටවලින් රැගෙන එන විවිධ භාණ්ඩ , අගය එකතු කර නැවත ප්‍රතිඅපනයනය සදහා මෙම ගබඩා සංකීර්ණය භාවිතා කර  යොමු කෙරෙන අතර දේශීය සහ විදේශීය ආනයන – අපනයන  වෙළදාමේ නිරත වන්නන්ට මෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ නිෂ්පාදනද කොළඹ වරාය ඔඔස්සේ මෙන්ම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ද ආනයන අපනයනය සදහා යොමු කිරීම මෙම ගබඩා සංකීර්ණය මගින් සිදු කෙරේ .

මෙම සමාගම් ජාලය සතුව මුතුරාජවෙල ප්‍රදේශයේත් මෙවැනි ගබඩා සංකීර්ණයක් ඇති අතර මෙයට අමතරව ගෝලීය වශයෙන් ඉන්දියාව , බංගලදේශය, ඩුබායි , වියට්නාමය , සිංගප්පූරුව වැනි රටවල ද මෙවැනිම ගබඩා සංකීර්ණ ජාලයක් සතුව ඇතැයි ඩාර්ට් ග්ලෝබල් ලොජිස්ටික් සමාගම් ජාලයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ හා සමූහ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් විජේසුන්දර මහතා පවසයි.

මෙලෙස විවෘත විවෘත කළ අති නවීන ඉහළ පහසුකම් වලින් සමන්විත ගබඩා සංකීර්ණය ඔස්සේ සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් ස්ථාපිත වී ඇත.

මෙම ගබඩා සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද හුළංගමුව , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල , ඩාර්ට් සමාගම් සමූහයේ සභාපති චාල්ස් විජේසුන්දර යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් විශාල පිරිසක් ද පැමිණ සහභාගී වී සිටියහ .