2024 අප්‍රේල් 15, පෙ.ව. 12:04
එළැඹෙන අප්‍රේල් 24 වැනිදා උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.සී.එස්. ඇළකන්ද මහතා සඳහන් කළා.
මෙමගින් දෛනිකව රුපියල් මිලියන 80ත් 100ත් අතර වටිනාකමකින් යුත් ජල විදුලි ධාරිතාවයක් ජාතික පද්ධතියට එක්කළ හැකි බව ඒ මහතා පැවසීය.
ඇමරිකානු ඩොලර් මිලියන 514 වියදමින් ඉරාන රජයේ ණය ආධාර යටතේ උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ඇරඹුණේ 2011 වසරේ දී වේ.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වූයේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීම වන අතර මෙලෙස නිෂ්පාදනය කෙරෙන විදුලිය අධිබලැති විදුලි රැහැන් කුලුනු 65ක් හරහා කිලෝමීටර 23ක් බදුල්ල දක්වා ගෙන ගොස් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කෙරෙනු ඇති.
එමෙන්ම උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්මාන්තයට හා පානීය අවශ්‍යතා වෙනුවෙන් ජලය ලබාගැනීමත් අරමුණයි.
2026 අප්‍රේල් 07, ප.ව. 1:49
2026 අප්‍රේල් 07, ප.ව. 12:27
2026 අප්‍රේල් 07, පෙ.ව. 11:30
2026 අප්‍රේල් 07, පෙ.ව. 11:03
2026 අප්‍රේල් 07, පෙ.ව. 10:59
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26