hit counter

2026 සැප්‍තැම්‍බර් මස 04 වන සිකුරාදා

2024 ජූලි 01, පෙ.ව. 12:02



පසුගිය දිනවල වර්ජනය සිදු කළ ග්‍රාම නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය සහ රජය අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (01) පැවැත්වීමට නියමිතයි.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීයි.

පසුගිය දිනවල ග්‍රාම නිලධාරීන් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වුණා.

එවන් පසුබිමක හෙට දිනයේ දී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සමඟ සාකච්ඡාවක් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත්, අද එම සාකච්ඡාව අසාර්ථක වුවහොත් එළඹෙන දෙවන දා සිට දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය සදහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: