hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2024 මැයි 28, පෙ.ව. 12:02



මේ වනවිට ඩෙංගු අධි අවදානම් කලාප 71 ක් වාර්තාවී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි අධ්‍යක්ෂ, වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යා හැකි බවයි.

ඒ හේතුවෙන් ලබන ජූනි පළමු වැනිදා දක්වා දිස්ත්‍රික්ක 15ක විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බව ඔහු පැවසුවේ.

මෙම සතිය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පාසල් දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පසුගියදා උපදෙස් දුන්නා.

මීට අමතරව, රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන සහ නව ගොඩනැගිලි ආශ්‍රිතව ඩෙංගු ව්‍යාප්තවීමේ අවදානම අඩු කිරීම සඳහා කටයුතු කරන ලෙස ද බලධාරීන්ට ඔහු උපදෙස් දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: