hit counter

2026 ඔක්‍තෝබර් මස 14 වන බදාදා

2025 මාර්තු 28, පෙ.ව. 12:07



දිස්ත්‍රික්ක 8ක ඊයේ (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මාතලේ සහ මාතරය යන දිස්ත්‍රික්කවල මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇති.

පවතින කඩින්කඩ වර්ෂාව හේතුවෙන් ඩෙංගු යළි ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වාදී තිබෙනවා.

එම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන, විශේෂ මදුරු මර්දන වැඩසටහන ලබන 29 වැනිදා දක්වා ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.

ඒ අනුව නිවාස, පාසල්, වැඩබිම්, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන සහ පොදු ස්ථාන එහිදී පරීක්ෂාවට ලක්කරනු ඇති.

සිය පරිශ්‍ර තුළ මදුරුවන් බෝ වන තැන් විනාශ කරන ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: