hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2025 මැයි 14, පෙ.ව. 12:30



මෙරට ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහල ගොස් තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසන්නේ ඊයේ දිනය වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 19,724 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

වැඩිම රෝගීන් පිරිසක් අප්‍රේල් මාසයේ වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 5,175ක් වනවා.

මේ මාසයේ මුල් දින 12 වන විට ඩෙංගු රෝගීන් 2,178ක් වාර්තා වී තිබෙනවා.

වෛද්‍යවරයා සඳහන් කරන්නේ ඩෙංගු රෝගීන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් බස්නාහිර පලාතෙන් වාර්තා වී තිබෙන බවයි.

පවතින වර්ෂාමය කාලගුණය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් අපේක්ෂා කල හැකි බවද ඔහු පැවසුවා.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 95ක විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් මේ මස 19 වනදා සිට 24 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත වනවා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: