hit counter

2026 ජූනි මස 25 වන බ්‍රහස්පතින්දා

2026 ජූනි 26, පෙ.ව. 12:14



මෙරට ඇතැම් දිස්ත්‍රික්ක සහ ප්‍රදේශවල ඩෙංගු මදුරු කීට ඝනත්වය මනින ‘බිටෝ දර්ශකය’ (Breteau Index) සාමාන්‍ය මට්ටම මෙන් පස් ගුණයකින් ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පෙන්වා දෙන්නේ සාමාන්‍යයෙන් 5කට ආසන්න අගයක පැවතිය යුතු බිටෝ දර්ශකය, මේ වන විට ඇතැම් ප්‍රදේශවල 25 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

කීට ඝනත්වය මෙලෙස පස් ගුණයකින් ඉහළ යාම හේතුවෙන්, ඉදිරි සතිය ඇතුළත දැනට වාර්තා වන රෝගීන් ප්‍රමාණයට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් අපේක්ෂා කිරීමට සිදුවන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ හේතුවෙන් ඩෙංගු මර්දන කටයුතු පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීම වටිනා බව වෛද්‍යවරයා පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: