hit counter

2026 ජූලි මස 14 වන අඟහරුවාදා

2026 ජූලි 15, පෙ.ව. 12:10



දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් ගම්පහ, කොළඹ, මාතර, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල යන දිස්ත්‍රික්ක 7 සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (MOH) කොට්ඨාස 175ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව, වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් ඩෙංගු ආසාදිතයන් 68,672 කු වාර්තා වී ඇති අතර, ඉන් පුද්ගල මරණ 47 ක් සිදුව ඇත. වඩාත් අවදානම් සහගත තත්ත්වය වන්නේ ජූලි මාසයේ ගතවූ දින 12 ක කෙටි කාලසීමාව තුළ පමණක් රෝගීන් 13,293 දෙනෙකු අලුතින් වාර්තා වීමයි.

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඉදිරි දිනවලදී රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යා හැකි බැවින්, තමන් ජීවත්වන පරිශ්‍රයන්හි මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් සෞඛ්‍ය අංශ වෙත උපරිම සහයෝගය දක්වන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: