hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 14, ප.ව. 7:04



තමන්ගේ නමින් පවත්වා ගෙන යනු ලබන Facebook පිටුවට යමෙකු විසින් අනවසර ප්‍රවේශයක් ලබා ගෙන ඇති බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

සිය සැබෑ Facebook ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ,‍‍

“ මාගේ Deshabandu Thennakoon නමින් පවත්වාගෙන යනු ලබන facebook පිටුවට යමෙකු විසින් අනවසර ප්‍රවේශයක් ලබාගෙන ඇති බව අනාවරය වී ඇත. එබැවින් මෙම facebook පිටුව හරහා සිදුකරනු ලබන කිසිදු තොරතුරක් මා විසින් පළ කරනු ලබන්නක් නොවන බවත් ඊට ප්‍රතිචාර නොදක්වන ලෙසත් දන්වා සිටිමි.” යනුවෙනි.

එම Facebook පිටුව යථා තත්ත්වයට පත්කර ගැනීමටත් නිත්‍යානුකූල පියවර ගැනීමටත් තමන් කටයුතු කරන බවයි දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කර ඇත්තේ.

Images - Facebook