hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2024 ජූනි 21, පෙ.ව. 12:04



තමාට සමාජයෙන් කුඩු කාරයා කියලා ලේබලයක් දුන් බවත් කිසිම වැරුද්දක් නොකරපු තමාගේ දරුවන්ට කුඩුකාරයගෙ ළමයි කියලා ලේබලයක් ලබාදුන් බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සදහන් කරයි.

“සුවසාර කැඳැල්ල” පුනරුත්තාපන වැඩසටහන හරහා ගල්කිස්ස, නුගේගොඩ සහ කැළණිය යන කොට්ඨාස තුනෙන් පමණක් මේ වන විට එක්දහස් පන්සීයකට ආසන්න තරුණ පිරිසක් මත්ද්‍රව්‍ය වලින් ගලවා ගැනීමට සමත්ව ඇති බව පොලිස්පතිවරයා සදහන් කරයි.

බස්නාහිර පළාතේ කලුතර, පානදුර, ගම්පහ සහ මීගමුව ඇතුළු සමස්ත ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථාන 285ක් විවෘත කර එමගින්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ දොළොස් දහස් පන්සියයක් පමණ තරුණ ජීවිත මුදවා ගැනීමට කටයුතු කරන බවද පොලිස්පතිවරයා සදහන් කරයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තවදුරටත් සදහන් කළේ,

” දින 14ක පුනරුත්තාපන ක්‍රියාවලියෙන් අනතුරුව සමාජයට මුදාහැරීමෙන් පසු, නැවත වතාවක් මත්ද්‍රව්‍ය උගුරක් පාවිච්චි කිරීමට යම්කිසි පුද්ලයෙකු ඇරයුම් කලහැකි බවත් එවැනි අවස්ථාවක, මට බෑ මගේ ජීවිතය ආයෙත් සැරයක් ආපස්සට ගෙනියන්න, මට සමාජයෙන් කුඩු කාරයා කියලා ලේබලයක් ඇලෙව්වා.

මගේ ගෙදර කිසිම වැරුද්දක් නොකරපු මගේ දරුවන්ට කුඩුකාරයගෙ ළමයි කියලා ලේබලයක් ඇලෙව්වා. මගේ බිරිඳට කුඩුකාරයගෙ ගෑනි කියලා මිනිස්සු අපහාස කලා. මගේ ශරීරය ලෙඩෙක් බවට පත්වුණා. නෑදෑයන්ගෙන් දෙමාපියන්ගෙන් කොන්වෙලා මුළු සමාජයටම එපා කරපු මිනිහෙක් වුණා.”

” සුවසාර කැදැල්ල” වැඩසටහන හරහා බස්නාහිර උතුර ප්‍රදේශය ආවරණය වන පරිදි පුනරුත්තාපනය ලැබූවන් විසිර යාමේ උත්සවයට සහභාගී වෙමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ බව සදහන් කරයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: