hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 04, පෙ.ව. 12:05



ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් ඉන්දියානු කෙටිකාලින ණය පහසුකම් යටතේ ඛනිජතෙල් මිලදි ගැනිමේදී සාපේක්ෂව වැඩි සාමාන්‍ය අගයක් සහිත ලංකා සුපර් ඩිසල් වලට අදාල මිල පදනම යොදා ගැනීම හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන  4.6ක් හෙවත්  රුපියල් මිලියන 1.669 වැඩිපුර වියදමක් දැරිමට සංස්ථාවට සිදුවී ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසනවා.

සංස්ථාව විසින් ඉන්දියානු කෙටිකාලින ණය පහසුකම් යටතේ  අවස්ථා දෙකකදි ලංකා ඔටෝ ඩිසල් බැරල් 599,722ක් මිලදි ගෙන තිබුණා.

ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා ඔටෝ ඩීසල් මිලදී ගැනිමේදී මිල කිරිම සදහා සාපේක්ෂව වැඩි සාමාන්‍ය අගයක් සහිත ලංකා සුපර් ඩීසල් වලට අදාල මිල පදනම යොදා ගැනීම හේතුවෙන් සංස්ථාවට මෙකි අතිරේඛ පිරිවැයක් දැරිමට සිදුවි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

ජාතික විගණන කාර්යාල විසින් 2022 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති  වාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු සදහන් වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: