2025 මාර්තු 09, පෙ.ව. 12:01
            
ඉදිරි වසර පහ තුළ දී මෙරට ජීවත්වන වයස අවුරුදු 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම වසරක් හෝ දෙවසරක් වැනි යම් නිශ්චිත කාල සීමාවක් තෝරාගෙන එම කාලය තුළ දී වෛද්‍ය පරීක්ෂණයන්ට භාජනය කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා.
“දිනමිණ” වාර්තා කළේ පසුගියදා මහනුවර පැවති “සුව උදාන” 05 වන ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළ බවයි.
විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය හා අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහභාගීත්වයෙන් මෙම “සුව උදාන” ජංගම වෛද්‍ය සායනය පවත්වා තිබුණා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති හා ප්‍රචාරණ අංශය මගින් සංවිධානය කරන මෙම “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නිරෝගීමත් ව පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් දිප ව්‍යාප්ත ව ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කරන වැඩසටහනක්.
හඳුනාගන්නා රෝග තත්ත්වයන්ට අවශ්‍ය ප්‍රතිකාර සේවාවන් ලබා දීමත් එලෙස වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කිරිමේ අරමුණ බවත් එම දිගුකාලීන වැඩපිළිවෙළේ කෙටිකාලීන පියවරක් ලෙස “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන හඳුන්වා දිය හැකි බවත් වෛද්‍ය හංසක විජේමුණි මහතා තවදුරටත් පෙන්වා දෙනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී අදහස් දක්වමින් කියා සිටියේ, මෙම ජංගම සායනය සදහා පැමිණෙන සියලු රෝගීන් මූලික වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කිරීම සිදු කරන අතරම ප්‍රතිකාර සේවාවන් ලබා දීමත්, මෙහි දී හඳුනා ගන්නා නිදන්ගත රෝගවලින් පෙළෙන රෝගීන් මෙන් ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් හඳුනාගෙන ඔවුන් රජයේ ප්‍රධාන රෝහල්වල ඊට අඳාළ වෛද්‍ය සායන වෙත යොමු කිරීම සිදු කෙරෙන බවයි.
මෙම සායනය තුළින් ජංගම රසායනාගාර සේවා, දන්ත වෛද්‍ය සායනය, අක්ෂි සායනය, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, රුධිරයේ මේද මට්ටම පරීක්ෂාව, ශරීර ස්කන්ධ දේහ දර්ශකය මැනීම, රුධිර පීඩනය මැනීම, සුවනාරි සායනය, ආයුර්වේද සායනය, වකුගඩු සායනය, බෝ නොවන රෝග පිළිබඳ සායනය සහ චීන කටු චිකිත්සාව, සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් ඇතුළු වෛද්‍ය සේවාවන් රැසක් මෙන ම ඖෂධ නිකුත් කිරීමේ වැඩසටහනක් සිදු කර තිබෙනවා.
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
31-10-25
                                            31-10-25
28-10-25
                                            28-10-25
12-10-25
                                            12-10-25
07-10-25
                                            07-10-25
19-08-25
                                            19-08-25
17-08-25
                                            17-08-25
24-06-25
                                            24-06-25
16-06-25
                                            16-06-25
21-03-25
                                            21-03-25
19-03-25
                                            19-03-25
17-03-25
                                            17-03-25
12-03-25
                                            12-03-25