2024 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:08
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවයේ යෙදී සිටින වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා සංශෝධනය කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් පළාත් සෞඛ්‍ය ලේකම්වරුන් කොළඹ, මහනුවර සහ ගාල්ල ජාතික රෝහල්හි අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, සියලු රෝහල් අධ්‍යක්ෂවරුන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ අදාළ ආයතන ප්‍රධානීන් වෙත ලිඛිතව දැනුම් දී ඇත.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවයේ යෙදී සිටින විශේෂඥ වෛද්‍ය නිලධාරීන්, සියලුම ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්, විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්, සියලුම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්, සියලුම පරිපාලන ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් සහ රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 ලෙස සංශෝධනය කර තිබේ.
ඒ බව විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලබාදී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ ලිපියේ සඳහන් වේ.
මෙම විධිවිධාන සංශෝධනය කිරීම සඳහා 2024-07-01 දිනැතිව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.
2026 මාර්තු 17, පෙ.ව. 12:20
2026 මාර්තු 17, පෙ.ව. 12:17
2026 මාර්තු 17, පෙ.ව. 12:16
2026 මාර්තු 17, පෙ.ව. 12:15
2026 මාර්තු 17, පෙ.ව. 12:12
16-03-26
16-03-26
13-03-26
13-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26
06-03-26
06-03-26
04-03-26
04-03-26
03-03-26
03-03-26
26-02-26
26-02-26
17-02-26
17-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26