2024 ඔක්තෝබර් 29, පෙ.ව. 12:08
නව ජනාධිපතිවරයාගේ කකුලෙන් ඇදීමේ බලාපොරොත්තුවක් නැතත් අත්දැකීම් නැති කණ්ඩායමක් සමඟ රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව දැන් හෝ ජනතාව අවබෝධ කරගත යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතා පවසයි.
පසුගිය වසර දෙක තුළ වැටුණු ආර්ථිකයක් ගොඩගෙන යථාතත්ත්වයට පත්කිරීමට හැකි වූ අතර දැන් කවුරු කවුරුත් බෝල ගහන්නේ එදා ඔවුන් හැදු පිට්ටනියේ බවයි දිසානායක මහතා සඳහන් කළේ.
“පත්වුණ ජනාධිපතිවරයාගේ කකුලෙන් අදින්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. රටේ ජානතාව දැන් තීන්දු කරන්න ඕනේ ඇල්පිටියේ ජනතාව වගේ මේ රටේ අත්දැකීම් නැති කණ්ඩායමක් සමඟ රටක් ගෙනියන්න බැහැ කියන කාරණය. අලුත් අය ඉන්න ඕනේ ඇත්ත. විද්වතුන් ඉන්න ඕනේ ඇත්ත. හැබැයි දේශපානය කියන එකේදී අත්දැකීම් නැතුව මේ දේ කරන්න නොහැකියි කියන කාරණාව අද ඉතාම හොඳින් පැහැදිලි වෙලා තියෙනවා.
අපි සතුටු වෙනවා පහුගිය අවුරුදු දෙක තුළ පුළුවන්කම ලැබුණා මේ රටේ වැටිච්ච ආර්ථිකය නැවත වතාවක් යථාතත්ත්වයට පත්කරන්නත් මේ රටේ ජනතාවට ආර්ථිකය වැටිච්ච රටක ඉඳල නැවත වතාවක් ශක්තිමත් ආර්ථිකයක් කරා ගෙනියන්න අඩිතාලම දාන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා කවුරු කවුරුත් බෝල ගහන්නේ අපි හදපු පිට්ටනියේ. රනිල් වික්රමසිංහ හිටපු ජනාධිපතිතුමාත් සමඟ අපි ප්රධාන පක්ෂ සියල්ලම එකට එකතුවෙලා වැටිච්ච ආර්ථිකය නැගිට්ටවන්න තමයි අපි වැඩ කටයුතු කළේ.
ඒකේ ප්රතිඵලයක් විදිහට තමයි IMF එක, ණය දුන්න රටවල්, පුද්ගලික බැඳුම්කර සියල්ලම අපිට කළමනාකරණ කරගෙන මේ තැනට එන්න පුළුවන්කම ලැබුණේ. අපි ගෙනාපු වැඩසටහනම ගෙනියනවා කියන එකත් අපිට තේරෙනවා. ඒ වගේම තේරෙන්නේ නැහැ මෙතරම් ණය කන්දරාවක් මේ වෙලාවේ ගන්නේ ඇයි කියල. අපේ ආර්ථික සැලසුම අනුව මේ තරම් ණය ප්රමාණයක් ගන්න තිබුණේ නැහැ. මොකද අපි ආර්ථිකය ඉතාම කළමනාකරණය කරගනිමින් යන නිසා තමයි, එදා තිබුණු විපක්ෂයට ආණ්ඩු පක්ෂයට චෝදනා කරන්න පුළුවන් වුණේ ජනතාව පීඩනයට පත්කරනව කියලා.”
එදා රනිල් වික්රමසිංහ ආණ්ඩුව ලෙස කටයුතු කළේ ණය ගැනීමෙන් එහාට ගොස් ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් තුළ හිඳිමින් බව දුමින්ද දිසානායක මහතා තව දුරටත් ප්රකාශ කළේය.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:28
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:25
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:21
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
21-12-24
21-12-24
05-11-24
05-11-24
25-10-24
25-10-24
18-10-24
18-10-24
15-10-24
15-10-24
13-10-24
13-10-24
08-10-24
08-10-24
04-10-24
04-10-24
01-10-24
01-10-24
28-09-24
28-09-24
19-09-24
19-09-24
23-08-24
23-08-24