hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 25, පෙ.ව. 12:01



දුරුතු පුර පසළොස්වක පෝය අදට (25) යෙදී තිබෙනවා.

බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පෝය දිනක සිදුව තිබෙනවා.

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවනේ ද දුරුතු පුර පසලොස්වක පොහෝ දිනකයි.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා.

එමෙන්ම බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මඟට හරවා ගැනීම දුරුතු  පෝය දිනක සිදුව තිබෙනවා.

බෞද්ධ ඉතිහාසයේ  ප්‍රථම ආරාම පූජාව වන බිමිබිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද දුරුතු පොහොය දිනකයි.

දුරුතු පුර පසළොස්වක පෝය නව වසරේ ප්‍රථම පොහොය වන අතර, ඒ නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.