hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 04, ප.ව. 1:09



ශ්‍රී ලංකාවේ 2019 වසරේ සිදුවු පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක වීඩියෝවක් හෙට දින ප්‍රසිද්ධියට පත් කරන බව බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව නිවේදනය කරනවා.

දැනට ස්විට්සර්ලන්තයේ සරනාගතභාවය පතා රැඳී සිටින පිල්ලෙයාන් කණ්ඩායමේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් සිදුකරන ප්‍රකාශයක් මෙහි මූලිකව අඩංගු බව ද වාර්තා වෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ට චෝදනා එල්ල කරමින් මෙම ප්‍රකාශ නිකුත් කිරීමට බ්‍රිතාන්‍ය දෙමළ සංසදය ඇතුළු පාර්ශ්ව කිහිපයක් එම පුද්ගලයාට අනුබල දී ඇතැයි ද සඳහන්.

බ්‍රිතාන්‍යයේ “චැනල් ෆෝ” නාළිකාව මෙරට තුළ ප්‍රසිද්ධියට පත්වූයේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බව හැඟවෙන මතභේදාත්මක වීඩියෝ පට කිහිපයක් විකාශය කිරීමත් සමඟයි.

යුද්ධය නිමාකළ පසුව ඔවුන් නිර්මාණය කළ ”ශ්‍රී ලංකාස් කිලින් ෆීල්ඩ්ස්”  නම් මතභේදකාරී වීඩියෝපටයේ ඇතුළත් කරුණු එවක රජය විසින් අවස්ථා ගණනාවකදී නිල වශයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

එහෙත් දිගින් දිගටම “චැනල් ෆෝ” නාළිකාව, ශ්‍රී ලංකාවෙන් පළාගොස් විදෙස් රටවල දේශපාලන රැකවරණ පතන පුද්ගලයන් උපුටා දක්වමින් එවැනි චෝදනා රැගත් වීඩියෝ පට විකාශය කළා.

යළිත් වරක් බ්‍රිතාන්‍යයේ “චැනල් ෆෝ” නාළිකාව කරළියට පිවිසනේනේ හෙට ශ්‍රී ලංකාව පිළිබඳ තවත් මතභේදකාරී වීඩියෝපටයක් විකාශය කරන බව නිවේදනය කිරීමත් සමඟයි.

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කලක් කටයුතු කළ, මේ වන විට දිවයිනෙන් පළාගොස් ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය පතන පුද්ගලයෙක් අදාළ තොරතුරු ලබා දුන් බව එහි සඳහන්.

පසුගිය අගෝස්තු 15 සඳහා මෙම වීඩියෝ එළිදැක්වීමට සැලසුම් කර තිබුණත් රාජ්‍ය බුද්ධි ප්‍රධාන ප්‍රධානී සුරෙස් සාලේ විසින් චැනල් ෆෝ නාලිකාවට නීතිඥවරු මාර්ගයෙන් කළ දැනුම්දීමක් අනුව අදාළ වීඩියෝ එදින විකාශය කිරීම අත්හිටුවා තිබෙනවා.

තම නම යොදාගනිමින් අදාල වීඩියෝවට සිදු කළ බව කියන ප්‍රකාශයක් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහු විසින් ප්‍රකාශ කර තිබෙන අතර පාස්කු ප‍්‍රහාර කාලසීමාව දී තමන් ලංකාවේ රාජකාරි නොකළ බව ද තහවුරු කරන ලිපි ලේඛන ද සුරේෂ් සාලේ විසින් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මෙම දැනුම් දීමෙන් පසු අදාළ නාලිකා විසින් වීඩියෝ සංස්කරණය කරමින් හෙට දිනයේ විකාශය කිරීමට නියමිතව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: