hit counter

2026 ඔක්‍තෝබර් මස 10 වන සෙනසුරාදා

2024 මැයි 08, ප.ව. 12:49



ජාත්‍යන්තර සිසුවෙක් ඔස්ට්‍රේලියානු වීසා සඳහා අයදුම් කිරීමට සිය ඉතුරුම් ගිණුමේ ඔස්ට්‍රේලියානු ඩොලර් 24,505ක් තිබිය යුතු ලෙස තිබූ කොන්දේසිය ඔස්ට්‍රේලියානු ඩොලර් 29,710 ($19,576)ක් දක්වා ඉහල දැමීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත, ඒ මෙම සිකුරාදා (10) සිට ක්‍රියාත්මක වන පරිදිය.

එසේම ඉතුරුම් ගිණුම් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බවට හෙළිදරව් වුවහොත් වීසා ලබාදීම සම්පූර්නයෙන්ම අත් හිටුවන බවද ඕස්ට්‍රේලියානු රජය නිවේදනය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව මෙම තීරණය ගෙන ඇත්තේ එරටට පැමිණෙන සංක්‍රමණයිකයින් සංඛ්‍යාව අඩු කිරීමට බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් පවසයි, කෙසේවෙතත් ජාත්‍යන්තර සිසුන්ට අධ්‍යාපන අවස්ථා ලබාදීම ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ ආදායම් මාර්ගයක් වන අතර ඒ හරහා 2022/23 වසරේදී ඔවුන් ලබා ඇති ආදායම ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 36.4ක් ලෙස සඳහන් වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: