hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2025 පෙබරවාරි 18, පෙ.ව. 12:09



වයස අවුරුදු 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ගේ රුපියල් 3,000ක මාසික දීමනාව ලබන 20 වැනිදා සිට ගෙවීම් සිදු කිරීමට සූදානම් කර ඇති බව ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය පවසනවා

ඒ අනුව මේ මාසයට අදාළ දීමනාව සහ හිඟ දීමනා තැපැල් / උප තැපැල් කාර්යාල හරහා ලබා දීමටයි අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත්තේ

එමෙන්ම අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන්ට හැර මෙතෙක් දීමනාව ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් මෙම ගෙවීම සිදු කරනු ලබනවා

කෙසේ වෙතත් විවිධ ප්‍රායෝගික ගැටලු හේතුවෙන් පසුගිය කාල සීමාවේදී යම් නිශ්චිත දිනයක් තුළ දීමනාව ගෙවීමට නොහැකි වීමෙන් වැඩිහිටියන් අපහසුතාවට පත් වූ බැවින් අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි ලබන 20 වැනිදා සිට මෙම ගෙවීම් සිදු කිරීමට සැලසුම් කර ඇත්තේ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: