hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මැයි 19, පෙ.ව. 12:08



ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ලබාදෙන පොලී අනුපාතය ඉහළ නැංවීම පිළිබඳ කඩිනමින් සොයා වාර්තාවක් සකස් කිරීම සඳහා පත් කළ කමිටුව මුදල් අමාත්‍යාංශයේ දී රැස් වූ අවස්ථාවේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා සිටියේ ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවයි.

මෙරට වයස අවුරුදු 60ට වැඩි ජේෂ්ඨ පුරවැසියන්ට හිමි ගිණුම් ලක්ෂ 11ක් පමණ පවතින අතර ඒවා විධිමත් කිරීමේ අවශ්‍යතාව මෙහි දී සාකච්ඡාවට ලක්වී ඇත.

පවතින ආර්ථික තත්ත්වය අනුව පොලී අනුපාතය කොතරම් ඉහළ දැමිය හැකිදැයි සොයා බලා ඊට අනුව කටයුතු කරනා ලෙස අමාත්‍යවරයා එහි දී එම කමිටුවට උපදෙස් දී ඇත.

එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ එකම පුද්ගලයා බැංකු ගිණුම් කිහිපයක් පවත්වාගෙන යාම, වෙනත් පාර්ශ්වයන්ගේ මුදල් එම ගිණුම්වල තැන්පත් කිරීම ආදී අක්‍රමිකතා පිළිබඳ සොයා බලා එවැනි තත්ත්වයන් වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග යොදනා ලෙසටයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: