hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 14, පෙ.ව. 12:04



ජනාධිපතිවරණය නියමිත කාල සීමාව තුළ පැවැත්වෙනු ඇති අතර වත්මන් කාලරාමුවට අනුව, මහ මැතිවරණය ලබන වසරේදී පැවැත්වෙනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ඒ සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මගින් ලබාදෙනු ඇති බවයි.

මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමග සම්බන්ධ වී කටයුතු කරනු ඇතැයි එහි වැඩිදුරටත් දැක්වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: