hit counter

2026 මැයි මස 04 වන සඳුදා

2024 ජූලි 27, ප.ව. 2:36



එළැඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දදායකයින්ට තමන්ට නියමිත මධ්‍යස්ථානය හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබෙනවා.

සුදුසුකම්ලත් ඡන්දදායකයින්ට තමන්ට නියමිත ස්ථානයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වීම පිළිබඳ සාධාරණ හේතුවක් ඇත්නම් විකල්ප ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉල්ලීමක් කළ හැකි බවයි ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව අවධාරණය කළේ.

මේ සඳහා ඉල්ලුම් කරන අයදුම්කරුවන්ට ඒ සඳහා වන ආකෘති පත්‍ර ලබන මස 01 වැනිදා හෝ ඊට පෙර මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකළ යුතුව ඇත.

මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ, සෑම අයදුම්පතක්ම අයදුම්කරුගේ නේවාසික ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී නිලධාරීන් විසින් සහතික කළ යුතු අතර, එසේ නොමැතිනම් අයදුම්පත් වලංගු නොවන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: